නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි | දිනමිණ

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

විජයානි එදිරිසිංහ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැළසුම් කළේයැයි කියන චෝදනාව එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් කොමිසමේ නිර්දේශයෙන් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා ඇති බව රාජ්‍ය පරිපාලන කළමණාකරණ සහ නීතිය සාමය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර අනතුරුව මේ චෝදනා එල්ල විමෙන් පසු පොලිස් මූලස්ථාන තොරතුරු තාක්ෂණ අංශය වෙත මාරු කර තිබුණි. අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුවන පරික්ෂණ අවසන් වන තෙක් ඒ මහතා අනිවාර්ය නිවාඩු යැවු බවද එම අමාත්‍යාංශය පවසයි.


නව අදහස දක්වන්න

Or log in with...