කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ අවහිරතාවක් | දිනමිණ

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ අවහිරතාවක්

නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් අද (20) සිට ලබන මස 04 වනදා දක්වා අවහිර කෙරෙන බව පොලීසිය පවසයි.
 
ඒ අනුව, කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක් මෙලෙස තාවකාලිකව අවහිර කෙරෙනු ඇත. 
 

නව අදහස දක්වන්න