පුත්ත­ලම බාල­සූ­රිය පෞද්ග­ලික රෝහල CNCI රන් සම්මා­න­යෙන් පිදුම් ලබයි | දිනමිණ

පුත්ත­ලම බාල­සූ­රිය පෞද්ග­ලික රෝහල CNCI රන් සම්මා­න­යෙන් පිදුම් ලබයි

පුත්තලම බාලසූරිය පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත ලාල් බාලසූරිය මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධාන කළ කර්මාන්ත විශිෂ්ටතා 2018 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ, සේවා අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ගලදාරී හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස 2010දී ස්ථාපිත බාලසූරිය රෝහල වයඹ සුව විශිෂ්ටතා සම්මාන උළෙලේ දී 2012, 2013, 2014 සහ 2015 වසරවලදී වයඹ පළාතේ විශිෂ්ටම පෞද්ගලික රෝහලට හිමි වයඹ සුව විශිෂ්ටතා සම්මානය, වයඹ විජයාභිමානී ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය, ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යවසාය විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මානය ඇතුළු CNCI හා FCCISL රන්, රිදී හා ලෝකඩ සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. බාලසූරිය රෝහලට ISO 9001 – 2008, ISO 14001 – 2004 තත්ත්ව සහතික සහ OSHAS 18001 අන්තර්ජාතික තත්ත්ව සහතිකයද ලැබී ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී අංශය, විශේෂඥ වෛද්‍ය සේවා, එංගලන්තයේ RIQAS සහ ඇමෙරිකාවේ BIORAD තත්ත්ව පාලන වැඩසටහන්හි සාමාජිකත්වය සහිත වෛද්‍ය පරීක්ෂණාගාර සේවා, වායුසමනය කළ හා නොකළ කාමර, ජංගම වෛද්‍ය සේවා, ගිලන් රථ සේවා, හදිසි ප්‍රතිකාර සේවා, භෞත හා වෘත්තීය චිකිත්සක සේවා, අක්ෂි කාච හා ඇස් කණ්ණාඩි සේවා, අල්ට්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණ, ඩිජිටල් එක්ස් රේ පරීක්ෂණ, එකෝ පරීක්ෂණ, ECG පරීක්ෂණ, EEG පරීක්ෂණල ව්‍යායාම ECG පරීක්ෂණල පෙනහලු පිළිබඳ Spirometry පරීක්ෂණ එන්ඩොස්කොපි හා කොලන්ස්කොපි පරීක්ෂණ, LED විදුලි ආලෝක පද්ධති සහිත ශල්‍යාගාර, ප්‍රසූතිකාගාරය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජිත ඔසුසල වැනි සෞඛ්‍ය සේවා රැසකින් බාලසූරිය රෝහල සමන්විතය. වැඩි විස්තර සඳහා www.balasooriyahospital.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

නව අදහස දක්වන්න