Idea Group sivilima.lk ජන­ප්‍රි­ය­තම වෙබ් අඩ­විය ලෙස සම්මාන ලබයි | දිනමිණ

Idea Group sivilima.lk ජන­ප්‍රි­ය­තම වෙබ් අඩ­විය ලෙස සම්මාන ලබයි

අයිඩියා සමූහ ව්‍යාපාරයට අයත් ‘Idea Group‘ sivilima.lk වෙබ් අඩවිය, Best Web -2018 සම්මාන උළෙලේදී ‘Advertising & Marketing‘ ඛාණ්ඩයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස පසුගිය දා සම්මාන ලැබීය. නිර්මාණාත්මක හා තාක්ෂණික ගුණාත්මක බවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක්කිරීමට lk Domain Registry ආයතනය විසින් සංවිධානය කරන Best Web -2018 සම්මාන උළෙලෙහි අටවැන්න මහාචාර්ය, ගිහාන් ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණ. sivilima.lk වෙබ් අඩවිය, 2017 වසරේදී Best Web සම්මාන උළෙලේදී ‘Advertising & Marketing‘ ඛාණ්ඩයේ විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය දිනාගැනීමද විශේෂත්වයකි.

අපක්ෂපාති විනිසුරු මඬුල්ලක් විසින් තාක්ෂණික බව, නිර්මාණාත්මක බව, අන්තර්ගතය හා අන්තර්ක්‍රියාකාරීත්වය යන නිර්නායකයන් ඹස්සේ ශ්‍රී ලංකාවේ නිර්මාණිත වෙබ් අඩවි ඇගයීමට ලක්කෙරෙන මේ Best Web සම්මාන උළෙල මෙරට පවත්වන වෙබ් අඩවි ඇගයෙන විශිෂ්ටතම සම්මාන උළෙල සේ සැලකේ.

නව අදහස දක්වන්න