Toyota Tsusho නව ව්‍යාපාර අවස්ථා ගැන විම­සි­ල්ලෙන් | දිනමිණ

Toyota Tsusho නව ව්‍යාපාර අවස්ථා ගැන විම­සි­ල්ලෙන්

නව ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීම සඳහා ජපානයේ ටොයොටා සමාගමේ ඉහළම තලයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණ මෙරටට ටොයෝටා රථවාහන ගෙන්වා බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත සමාගම වන ටොයොටා ලංකා සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ. ජපානයේ Toyota Tsusho Corporation (TTC) හි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී ජුන් කරුබේ මහතා සහ සිංගප්පූරුවේ Toyota Tsusho Asia Pacific Pte Ltd (TTAP) හි සභාපති හිදෙකි යනාසේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙලෙස මෙරටට පැමිණියහ.

1948 වසරේදී ආරම්භ කෙරුණු Toyota Tsusho Asia Pacific Pte Ltd (TTAP) ටොයොටා සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම වෙළඳ ව්‍යාපාර සමාගම වේ. මෝටර් රථවාහන කර්මාන්තයට අමතරව එම සමාගම ලෝහ, යටිතල පහසුකම්, රසායන ද්‍රව්‍ය, ආහාරපාන, යන්ත්‍රෝපකරණ සහ බලශක්තිය යනාදී ක්ෂේත්‍ර වෙතද ව්‍යාප්ත වී ඇත.


නව අදහස දක්වන්න