ද එක්ස්ට­ර්මි­නේ­ටර්ස් වෙතින් ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට ඩිජි­ටල් පලි­බෝධ පාලන විස­ඳුම් | දිනමිණ

ද එක්ස්ට­ර්මි­නේ­ටර්ස් වෙතින් ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට ඩිජි­ටල් පලි­බෝධ පාලන විස­ඳුම්

ශ්‍රී ලංකාවේ පලිබෝධ නාශක සේවා සැපයීමේ ප්‍රමුඛයා වන සීමාසහිත ද එක්ස්ටර්මිනේටර්ස් පෞද්ගලික සමාගම මෙරටට මෙන්ම දකුණු ආසියාවටද ඩිජිටල් පලිබෝධ නාශක සේවා හඳුන්වා දුන් ප්‍රථම සමාගම තමන් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මේ ජයග්‍රහණයත් සමඟ ද ක්ස්ටර්මිනේටර්ස් වඩාත් විනිවිද භාවයෙන් යුතුව ගනුදෙනුකරුවන් සමඟ සජීවීව සන්නිවේදනය කරන සමාගමක් වන අතර, පලිබෝධ නාශක සේවා සැපයීම කඩදාසි භාවිතයෙන් තොර පරිසරයක ඉටු කරන්නකු බවටද පත්වෙයි. ද එක්ස්ටර්මිනේටර්ස් හඳුන්වා දෙන පෙස්ට් මොබයිල් ඇප් මෘදුකාංගය ඩිජිටල් පලිබෝධ නාශක සේවා තාක්ෂණයේ නව පෙරළියකි. එමගින් කඩදාසි භාවිතයෙන් තොරව සේවා ඇණවුම් ක්ෂණිකව ඉදිරිපත් කිරීමටත්, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් යාවත්කාලීනව පවත්වා ගැනීමටත්, සජීවීව සිද්ධි වාර්තා කිරීමටත් පහසුකම් සලසයි. මොබයිල් ඇප් යොදා ගනිමින් සේවා සපයන එකස්ටර්මිනේටර්ස් තාක්ෂණික ශිල්පීහු සේවා ඇණවුම් මෙන්ම ප්‍රතිකාරය පිළිබඳ වාර්තා ප්‍රතිකාරය අවසන් වූ සැණින් ඊමේල් මගින් ගනුදෙනුකරුවාට යවයි.

මීයන්, වේයන් නැසීමේ ඇම තබන ස්ථාන හා පියාඹන කෘමී උගුල් පරීක්ෂා, සේවා කරන අතරතුරම ස්කෑන් කර ඊට යොදා ගත් ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ වාර්තා වහාම යාවත්කාලීන කරයි. ආසියාවේ ප්‍රථම කාබන් අක්‍රීය සමාගම වන ද එක්ස්ටර්මිනේටර්ස් ISO 9001-2015, ISO 14001-2015 සහ OHSAS 18001-2007 යන තත්ත්ව සහතික ලත් ප්‍රථම ශ්‍රී ලාංකීය පලිබෝධ නාශක සේවා සමාගමද වෙයි. ව්‍යාපාරය, සන්නාමය, ව්‍යවසායකත්වය හා කාර්මික විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 47ක් දිනා ඇති ද එක්ස්ටර්මිනේටර්ස් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සන්නාම අතර හත් වරක්ම ශූරතාව දිනා ඇත. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව, එංගලන්තය හා අමෙරිකාව යන රටවල දැඩි පුහුණුවක් ලත් කාර්ය මණ්ඩලයකින් සමන්විත එක්ස්ටර්මිනේටර්ස් NPMA-United States, SPMA Singapore හා The British Pest Control Association යන ආයතනවල සාමාජිකත්වය ලබා ඇත.


නව අදහස දක්වන්න

Or log in with...