පාකිස්ථාන හිටපු අගමැතිගේ සිර දඩුවම අත්හිටුවීමට පියවර | දිනමිණ

පාකිස්ථාන හිටපු අගමැතිගේ සිර දඩුවම අත්හිටුවීමට පියවර

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර තිබේ.
 
ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 
 
හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.
 
හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බිරිඳ පසුගියදා ජීවිතක්ෂයට පත්විය.

නව අදහස දක්වන්න