මත්පැන් විෂ වීමකින් මැලේසියාවේ 21ක් ජීවිතක්ෂයට | දිනමිණ

මත්පැන් විෂ වීමකින් මැලේසියාවේ 21ක් ජීවිතක්ෂයට

 මත්පැන් විෂ වීමක් හේතුවෙන් මැලේසියාවේ පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇත.
 
ක්වාලාලාම්පුර් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් මෙසේ මියගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
එසේම තවත් බොහො පිරිසක් විෂ මත්පැන් පානය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි සදහන් වේ.
 
එතනෝල් අධික මැලේසියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් බාල මත්පැන් මෙම පිරිස පානය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි ව ඇත. බංග්ලාදේශ, මියන්මාර, ඉන්දුනීසියා හා නේපාල ජාතිකයන් කිහිප දෙනෙකුද මියගිය පිරිසට ඇතුළත් ය.
 
මැලේසියාවේ මත්පැන් මත ඉහළ බදු පනවා තිබේ. එබැවින් ප්‍රමිතියෙන් තොරව නිපදවෙන අඩු මිල ගණන් යටතේ මත් පැන් මිලදී ගැනීමට බොහෝ පිරිසක් පුරුදු වී සිටියි.

නව අදහස දක්වන්න