යුද හමුදා සෙබළුන්ගේ වෘත්තීය ප්‍රවීණතා අගයා සහතික | දිනමිණ

යුද හමුදා සෙබළුන්ගේ වෘත්තීය ප්‍රවීණතා අගයා සහතික

යුද හමුදා සාමාජිකයන් වෙත වෘත්තීය ප්‍රවීණතා සහතික පත් පිරිනැමීමේ උත්සවයක් වන්නි ආරත්ෂක සේනා මූලස්ථානයේදී පසුගිය දා පැවැත්විණි.

යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතා සවිබල ගැන්වීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා බල ප්‍රදේශයයට අයත් සියලු සේනාංකවල රාජකාරියේ යෙදී සිටින හා විශ්‍රාම යාමට නියමිත යුද හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය නිපුණත්වය පිළිබඳ වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පවත්වනු ලැබූ පරීක්‍ෂණයකින් ඉහළම ප්‍රතිඵල ලබාගත් නිලධාරීන් 20 දෙනකු සඳහා මේ සහතිකපත් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා හා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම යාමට නියමිත හා දැනට සේවයේ නියුතු නිලධාරීන්ට හැදෑරිය හැකි පාඨමාලාවන් පිළිබඳ අධිකාරිය මගින් කරනු ලබන මෙහෙවර සම්බන්ධයෙන් වවුනියාව ශ්‍රීලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ ජී. කේ. ඩී. සී. කුමාර මහතා විසින් දේශනයක්ද පවත්වන ලදී.

වවුනියාව මධ්‍යම විශේෂ
බණ්ඩාර විපුලසේන

නව අදහස දක්වන්න