ශක්තිමත්ම මුදල් ඒකකය ලංකාවේ | දිනමිණ

ශක්තිමත්ම මුදල් ඒකකය ලංකාවේ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

ගෝලිය ආර්ථික අර්බුදය හමුවේ රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වුවද දකුණු ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය හා මුදල් ඒකකය හිමි රට ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

2012 වසරේදී රුපියල සියයට 10.4 කින් කඩා වැටුණද 2018 වසරේදී රුපියල කඩා වැටි ඇත්තේ සියයට හයකින් පමණක් බවත් මෙම වසරේදී අයවැය හිඟය හිඟය සියයට පහ දක්වා අඩුකරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් පසුගිය පාලනය සමයේදී මෙලෙස නොවු බවත් පැවසු ඇමතිවරයා 2012 වසරේදී වෙළෙඳ හිඟය සියයට 14.9 ක් බවත් පෙන්වා දුන්නේය. වර්තමානය වනවිට විදෙස් සංචිතය ඩොලර් මිලයන නවයක් බවත් අපනයන ආදායම, සෘජු විදෙස් ආයෝජන වැඩිම අගයක් පෙන්වා ඇති බවත් ‍ වික්‍රමරත්න මහතා පැවසීය.

ඇමරිකාව හා චීනය අතර වෙළද ඝට්ටනයක් ඇතිවී තිබෙන බැවින් මෙම අර්බුදය ඇතිවී ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වරයා මෙසේද පැවසීය. මේ අර්බුදය ලංකාවේ තිබෙන අර්බුදයක් නෙවෙයි. ලෝකයේ සෑම මුදල් ඒකකයක් සමගම සැසදුවිට ඩොලරය ඉහල ගිහින් තිබෙනවා. ඉන්දියාවේ රුපියල13.12කින් පාකිස්ථානයේ , ඉන්දුනිසියාවේ මුදල් අවප්‍රමාණ වෙලා. පකිස්ථානයේ 11.22 නුත් ඉන්දුනිසියාවේ 9.61 නුත් ඩොලරය වැඩිවෙලා තිබෙවා. ආසියාවේ තායිවානයේ සහ සිංගප්පුරු ඩොලරය හැරුණු විට ලංකාවේ රුපියල පකිස්ථාන ඉන්දියාව ඉන්දුනිසියාව මේ සියලුළු රටවල් වලට වඩා විශාල ලෙස ශක්තිමත්. මේ මිල එකම මට්ටමේ තියෙනවානම් අපි කැමතියි. චීනයයි ඇමරිකාවයි අතර තිබෙන අර්බුදය නිසා මේ තත්වය ඇතිවෙලා තිබෙන්නේ. අපේ ආර්ථික ශක්තිමක් නිසා තමයි ආසියාවේ රටවල් වලට වඩා අපේ රුපියල ශක්තිමත්වෙලා තිබෙන්නේ. අයවැය හිගය අඩුවෙලා තිබෙනවා. අපි රට භාරගද්දි අයවැය හිගය 7.7 ට තිබුණු අගය 5.5 ට අඩුකර තිබෙනවා. විදේශීය සංචිතය ඩොලර් බිලියන 9.0 වැඩි ප්‍රමාණයක් තිබුණා. විශාලතම අපනයනය වගේම සෘජු විදේශිය ආයෝජන වැඩිඋනෙත් මේ අවුරැද්දේ. මේ තත්වය තුළ ආනයනය කරද්දි ගැටළුවක් තියෙනවා නමුත් අපනයය කිරීමේදී ගැටලුවක් නැහැ. මේ තත්වය නිසා සමහර අයට අවාසියක් තියෙන අතර වාසියක් තිබෙන බව කියන්න කැමතියි. සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක් . අද වනවිට අපගේ අපනයනයන් යම් තරමකින් ශක්තිමත් වෙලා. එය තවදුරටත් වැඩිකළ යුතුයි.

නව අදහස දක්වන්න