ත්‍රිමාණ තාක්ෂණයෙන් ඉගැන්නුම් කිරීමට ඩිජිටල් පන්ති කාමර 200ක් අරඹනවා | දිනමිණ

ත්‍රිමාණ තාක්ෂණයෙන් ඉගැන්නුම් කිරීමට ඩිජිටල් පන්ති කාමර 200ක් අරඹනවා

ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරී‍ෙම් කාලය මේ වනවිට එළඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ සඳහා ඩිජිටල්පන්ති කාමර දෙසීයක් පමණ මේ වසරේ දී ආරම්භ කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ පාසලක අධ්‍යාපනය ලබාදෙන විට ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ තවත් පාසල් දහයක පමණ දරුවන්ට එම අවස්ථාවට සහභාගි විය හැකි බවත් ඔවුන්ට ප්‍රශ්න අසමින් වඩාත් ක්‍රියාකාරිව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව එමඟින් හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කීය.

වත්මඒ රජය අධ්‍යාපනය සඳහා විශාල කැප කිරීමක් සිදුකළ ද ඇතැම් පළාත් සභා මඟින් උපාධිධාරීන් බඳවා ගනිමින් ඔවුන්ට දැනුමක් නොමැති වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොදවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ක්‍රමවේදයන් ‍ෙවනස් කළ යුතු බව එහිදී සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා වත්මන් රජය දේශපාලන සම්බන්ධතා මත ගුරුවරුන් විදුහල්පතිවරුන්, හෝ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් බඳවා ගැනීම සිදු කර නොමැති බවද කාරියවසම් මහතා කීවේය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ සහ ගම්පහ සංඝරාජ විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට පත්කිරීමේ අවස්ථා දෙකම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිසු අයිතියට පත්විය.

නව අදහස දක්වන්න