සිපිරිගේ පාමුල කාව්‍ය සංග්‍රහය ජනපතිට | දිනමිණ

සිපිරිගේ පාමුල කාව්‍ය සංග්‍රහය ජනපතිට

 බන්ධනාගාරයක සිරකුටියක් තුල සිටින රැදවියන්හට ලැබී තිබෙන අවම පහසුකම් යටතේ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට සිරකරුවන්ගේ කාව්‍ය නිර්මාණ ග්‍රන්ථයක් “සිපිරිගේ පාමුල” ලෙස නිර්මාණය කරන ලදී. 
 
මෙහි බන්ධනාගාර නේවාසිකයින් විසින් රචනා කරන ලද කාව්‍ය නිර්මාණයන් 100කගේ එකතුවකින් මෙම පුස්තකය සමන්විතය. සරසවි ප්‍රකාශන සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළිදක්වනු ලැබූ මෙම කාව්‍ය සංග්‍රහය බන්ධනාගාරයක් මගින් ජනගත වූ ප්‍රථම සාහිත්‍ය කෘතිය ලෙස ඉතිහාස ගතවනු නොඅනුමානය.
 
බන්ධනාගාර නේවාසිකයින් විසින් මෙසේ නිර්මාණය කරන ලද  “සිපිරිගේ පාමුල” ග්‍රන්ථය සාහිත්‍ය මාසය වෙනුවෙන් සහ සිරකරු සුභසාධක දිනය නිමිතිකර ගනිමින් ද සැප්තැම්බර් මස 11 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයෙහි දී බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
 
මෙම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතා සහ බන්ධනනාගාර අධිකාරී (පුනරුත්ථාපන) ඩයස් බන්දුල මහතා ද සහභාගී වූහ.
 

නව අදහස දක්වන්න