නිදහස් පක්ෂයේ 07කට ආසන සංවිධායක ධූර අහිමි වෙයි | දිනමිණ

නිදහස් පක්ෂයේ 07කට ආසන සංවිධායක ධූර අහිමි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන අය ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(21) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.


නව අදහස දක්වන්න

Or log in with...