ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඉතාලි රජයේ ඇගයීමට | දිනමිණ

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඉතාලි රජයේ ඇගයීමට

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ඉතාලි සෙනෙට් සභික Laura Bottici මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
 
දෙරට අතර ආර්ථික සාමාජික දේශපාලනික රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.
 
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නීතියේ ආධිපතය්‍ය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැඩ පිළිවෙළ ඉතාලි සෙනෙට් මණ්ඩල සභික වරියගේ ඇගයිමට ලක් විය.
 
ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ අගය කරන බවත් අවශ්‍ය සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා රජයට තම රටේ සහයෝගය ලබා දෙන බවත් ඇය සදහන් කළාය.
 
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු සියලු කටයුතු සදහා ඉතාලි රජය අතීතයේ සිටම සහයෝගය ලබාදුන් බවත් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.
 
මෙම අවස්ථාවට ඉතාලි තානාපති Paolo Andrea Barorelli ,සෙනෙට් සභාවේ නියෝජ්‍ය ලේකම් Frederico Joniati ,සෙනෙට් සභාවේ කම්කරු හා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී Gloria Abagnale ,කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් Allegra Baidtrocchi ,භාෂා පරිවර්තක Sara di Nena යන මහත්ම මහත්මීන් ද එක් විය.
 

නව අදහස දක්වන්න