ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ වාර්ෂික පින්කමෙන් | දිනමිණ

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ වාර්ෂික පින්කමෙන්

අඩසියවසකට අධික කාලයක් තිස්සේ ලක්ෂ සංඛා්‍යාත දෙස් විදෙස් දෘශ්‍යාබාධිත රෝගීන්ගේ සුවසෙත උදෙසා ස්වෙච්ඡාවෙන් සේවය කරන පුණ්‍යාතනයක් වන ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වාර්ෂිකව සංවිධාන කරන පින්කම මෙවර ඓතිහාසික තන්තිරිමලේ පූජා භූමියේදී පසුගියදා පැවැත්විණි. මේ පින්කමට බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී වාද්දුව ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය අනුග්‍රහයෙන් දුනුමඩලාව සෝභිතගම ප්‍රදේශයේ පවුල් 250කට වියළි සලාක සහ සිසු දරු දැරියන්250කට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමක්ද සිදු වුණි. මේ එහි අවස්ථා කිහිපයකි.


නව අදහස දක්වන්න