කිළිනොච්චි ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු නැහැ | දිනමිණ

කිළිනොච්චි ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු නැහැ

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

කිළිනොච්චි ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු ඇති බවට මෙතෙක් සොයාගෙන නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික ක‍ටයුතු රාජ්‍ය ඇමැති මොහාන්ලාල් ග්‍රේරො මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කෙළේය.

ස්ථාවර නියෝග යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කෙළේය.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමැති මොහාන්ලාල් ග්‍රේරු මහතා- මේ ගැන දැනුවත් වෙලා ඉන්නේ. නමුත් මෙය පුරාවස්තු විනාශයක් නොවෙයි. මේ පිළිබඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා. එම ස්ථානයට නිලධාරීන් ගොස් පරික්ෂා කර වාර්තා ඉදිරිපත් කළා. ඩෝසර් කළ බැම්මේ ගඩොල් ගල්වල ලකුණු කර තිබෙනවා. අභයගිරිය සංරක්ෂණ සඳහා ගෙනා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගල් කියලා. අභයගිරිය සංරක්ෂණයට ගෙනා ගල් මෙතනට ගියේ කොහොමද කියලා අපි බලනවා. මේ ගල් ප්‍රමිතියට සකස් කර නැති නිසා පසෙක දමා තිබුණ ඒවා බවට වාර්තා වෙනවා.

හමුදාව මේ ගල් රැගෙන ඇවිත් කිළිනොච්චි රණවිරු ස්මාරකය වටා බැම්මක් සාදා තිබෙනවා. කරච්චි ප්‍රාදේශිය සභාව රථ ගාල හා සති පොළ හැදිමේදි මේ බැම්ම ඩෝසර් කරලා. එනිසා මෙය පුරාවස්තු විනාශයක් නොවෙයි. කිලිනොච්චි නගරයේ පුරාවස්තු ස්ථාන ඇති බවට හදුනාගෙන නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා- බෞද්ධ හා පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ විට නීතිය මඟින් කටයුතු කිරිම සම්මත පිළිවෙතක්. වසර දහස් ගණනක් වටිනා පුරා විද්‍යා නෂ්ටාවශේෂ ආරක්ෂා කර දීමට ආණ්ඩුව බැදි සිටිනවා. එහෙත් මෑතකදී කිළිනොච්චියේ සියවස් ගණනක් පැරණි බෞද්ධ නටබුන් බෑකෝ යන්ත්‍ර යොදා ගෙන විනාශ කරලා. මෙලෙස උතුරේ පුරා වස්තු, බෞද්ධ නටබුන් විනාශ කරලා. මේ පිළිබඳ වගකිව යුතු අය ක්‍රියාත්මක වී නැහැ. උතුරු පළාත් සභාව ඉතා අනතුරු දායක ලෙස කටයුතු කරනවා.


නව අදහස දක්වන්න