වාලම්පුරියක් අළෙවි කරන්න ගිය චීවරධාරියා අත්අඩංගුවට | දිනමිණ

වාලම්පුරියක් අළෙවි කරන්න ගිය චීවරධාරියා අත්අඩංගුවට

වාලම්පුරියක් අළෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු දෙවුන්දර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ වාලම්පුරිය රුපියල් කෝටි 03 කට විකිණීමට තැත්කර ඇති බව සදහන්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් අතර චීවරධාරියෙකු ද සිටින බවයි.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගන්දර පොලීසියට භාරදී ඇත.


නව අදහස දක්වන්න