ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් | දිනමිණ

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

ව්‍යවස්ථාදායක සභාවේ නිළ  කාලය ඊයේ (21) දිනයෙන් අවසන් විය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල කාලය අවසන් නොවන අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් නොවන බවයි.

ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයින් වන  තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිළ කාලය පමණක් අවසන් වන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල වැඩිදුරටත් පැවසුවේ.

 

නව අදහස දක්වන්න