උඩු මහලෙන් වැටී චීන කතක් මරුට | දිනමිණ

උඩු මහලෙන් වැටී චීන කතක් මරුට

නුවරඑලිය සංචාරයක් සඳහා පැමිණි 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහලට වැටී ජිවිතක්ෂයට පත් වි තිබේ.

නුවරඑලිය පොලීසිය පැවසුවේ, ඇය අද උදැසන 9.00 ට පමණ සංචාරක නිකේතයේ තුන්වෙනි මහලේ ආලින්දය අසල සිරි නරඹමින් සිටියදි බිමට ඇද වැටි බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි.

මිය ගිය චීන කාන්තාවගේ සිරුර නුවරඑලිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.

නව අදහස දක්වන්න