ජනාධිපති නිව්යෝර්ක් නුවරට ලඟාවෙයි | දිනමිණ

ජනාධිපති නිව්යෝර්ක් නුවරට ලඟාවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සදහා අමෙරිකාව බලා පිටත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාවේ නිව්යෝක් නුවරට ළඟා වී තිබේ.

සිය ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිව් වන වරටත් ලබන 25 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සාධාරණ සාමකාමී සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න