මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රථිපල අද මැදියමේ | දිනමිණ

මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රථිපල අද මැදියමේ

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට අවසන් වී අැති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව එහි ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියෙන් පසු ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් මැතිවරණ නිති උල්ලංඝණය කිරීම් පිළිබඳ සිදුවීම් රැසක් මේ වනවිටත් වාර්තා වී ඇති බවයි මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් පවසන්නේ.

රට තුළ දේශපාලන අර්බුධ රැසක් පවතින පසුබිමක් තුළ මෙම ජනාධිපතිවරණය පැවැත්විම විශේෂත්වයක්. 

2008 වසරින් පසුව මාලදිවයින තුළ පැවැත්වෙන 03 වන බහු පාක්ෂික ජනාධිපතිවරණය වන්නේද මෙයයි.

මේ අතර එරට විපක්ෂ මූලස්ථානය පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා ඇති බව ද සදහන්.

 

නව අදහස දක්වන්න