සුපිරි ගෙයක් කුලියට අරන් හොර රහසේ කසිප්පු පෙරළා | දිනමිණ

සුපිරි ගෙයක් කුලියට අරන් හොර රහසේ කසිප්පු පෙරළා

පූගොඩ යබරළුව නයා පන්සල ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වැටලූ බියගම පොලීසිය ජාවාරමේ මහමොළකරු සමඟ ඔහුට සහාය වූ දෙදෙනකු ද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට උපයෝගී කරගත් භාණ්ඩ තොගයක් සහ මත්පැන් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් තිදෙනා ම වයස අවුරුදු 24/22/19 යන වයස් කාණ්ඩයේ පසුවන්නන් වීම ඉතා ම කනගාටුදායක කරුණක් බව පොලීසිය පැවසීය.

මසකට රුපියල් 25,000 බැගින් වූ කුලී පදනම මත මේ නිවසට පැමිණ ඇති ඔවුන් ඒ සඳහා දෙමසක අත්තිකාරම් ලෙස රුපියල් 50,000 මුදලක් නිවස හිමිකරුට ගෙවා ඇති අතර පසුගිය 10වනදා ඔවුන් නිවසේ පදිංචියට පැමිණ ඇත.

ජාවාරමේ මහ මොළකරු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකු වන අතර අනෙක් තරුණයන් දෙදෙනා කළුතර බදුරලිය ප්‍රදේශයේ සහ රත්නපුර ඉභුල්පේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ජාවාරමේ හිමිකරුගේ ප්‍රකාශයට අනුව ඔහු මීට පෙර සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක මේ අන්දමින්ම මෙම ජාවාරම ආරම්භ කර ඇති අතර එම අවස්ථාවේදී පාඩු සිදුවී විශාල ණය මුදලක් ගෙවීමට සිදුවී ඇති බැවින් එම ණය මුදල ගෙවා දැමීම සඳහා නැවත වෙනත් ස්ථානයකට පැමිණ ජාවාරම ආරම්භ කර ඇත.

වැටලීමෙන් පොලීසිය ගෝඩා බැරල්14ක්, නීතිවිරෝධී මත්පැන් බෝතල් 350ක් දඟර 02ක්, ගෑස් ලිපක්, සිලින්ඩර් 03ක්, සීනි මිටි 5ක් ග්‍රෑම් 500 ඊස්ට් පැකට් 08ක් යකඩ බැරල් 02ක් ප්ලාස්ටික් බැරල් 02ක්, අත් අඩංගුවට ගෙන ඇත.

රාගම සමූහ

නව අදහස දක්වන්න