රල පහරට හසුවූ විදේශිකයන් හය දෙනකු බේරා ගනිති | දිනමිණ

රල පහරට හසුවූ විදේශිකයන් හය දෙනකු බේරා ගනිති

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු ඊයේ (23) දහවල් රළ පහරට හසුවී ගසාගෙන යද්දි එහි රාජකාරියේ නියුතු ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු තිදෙනෙකු විසින් බේරාගැනීමට සමත්වුහ.

බේරාගත් පිරිස අතර ඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු හා ඇමෙරිකානු ජාතික පිරිමි අයෙකු වේ. කාන්තාවන් පස් දෙනා අතර වයස අවුරුදු පහක කුඩා දැරියක් ද වූ බව එම වික්‍රමාන්විතය කළ ජිවිතාරක්ෂක පොලිස් නිලධාරිහු පැවසුහ. මෙම පිරිස ගසාගෙන යද්දි ආධාර ඉල්ලා කෑගසන හඩට ජිවිතාරක්ෂක නිලධාරින් මුහුදට බැස පිහිනා ගොස් බේරාගෙන බෝට්ටුවකින් ගෙන එද්දි ගොඩබිමට ගැනීමට වෙරලාරක්ෂක නාවික භටයකුද එක්විය. ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ජිවිතාරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක නිලධාරින් විසින් මෙම ජිවිත බේරාගනු ලැබීය. මෙම අනතුර සිදුවු ස්ථානයට ආසන්න වෙරලේ හෝටලයක සිදු වු විදේශිය යුවලකගේ විවාහ මංගල්‍යයකට මෙම පිරිස පැමිණ ඇති බව වාර්තාවේ.

ත්‍රි/මලය විශේෂ ඒ.ටී.එම්.ගුණානන්ද

 


නව අදහස දක්වන්න