HNB වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ සමාගම් දහය අතරට | දිනමිණ

HNB වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ සමාගම් දහය අතරට

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පත් වූ සමාගම් 10 අතරට Most Admired Companies එක් වීමට හැටන් නැෂනල් බැංකුව පසුගියදා සමත් විය. මෙරට වඩාත් ගෞරවයට පාත්‍රවන සමාගම් 10 තෝරා ගැනෙන Most Admired Corporate of Sri Lanka සම්මාන උළෙල වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය (CIMA) සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්ව පළමු වරට සංවිධානය කරන ලදි. මෙරට කොටස් වෙළෙඳපොළේ ලියාපදංචි කළ සහ නොකළ ව්‍යාපාරයන් ඇගයීම සඳහා වෙන්කෙරෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. මීට අමතරව CIMA ආයතනයේ සභාපති ස්ටීවන් ස්වෙන්ටොසෙල්ස්කි සහ ICC බැංකුවේ සභාපති ජවාහර් වඩිවේලූ යන මහත්වරුන් ද සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට ලක් වූ සමාගම් 10 අතරට පත් වෙමින් සම්මාන දිනා ගැනීම සඳහා මීට අදාළ නිර්ණායකයන් ප්‍රශස්ත ලෙස සපුරාලීමට HNB සමත් විය. 1. යහපත් ආයතනික යහ පාලනය, සමාජය කෙරෙහි ඇති කර ඇති බලපෑම සහ සේවා තත්ත්වයේ ගුණාත්මක බව, නවෝත්පාදන, විශිෂ්ට නායකත්වය, සේව්‍ය සවිබල ගැන්වීම් සහ පාරදෘෂ්‍ය බව, යන නිර්ණායක මෙහි දී සලකා බැලින. මෙම සම්මාන උළෙල සඳහා සමාගම් 120ක් අයදුම්පත් ඉදිරිපත් කළ අතර එයින් සමාගම් 10ක් තෝරා ගන්නා ලදි. HNB වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වූ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ශාන් රොඩ්රිගෝ මහතා මෙම සම්මානය ලබා ගත්තේය.

හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයෙුම් නිලධාරී ඩිල්ශාන් රොඩ්‍රිගෝ මහතා Most Admired Corporate of Sri Lanka සම්මානය හිමිකරගනිමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හැටන් නැෂනල් බැංකුවේ සභාපති සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේශ් වීරක්කොඩි, ආයතනයේ සභාපති CIMA ස්ටීවන් ස්වෙන්ටොසෙල්ස්කි සහ ICC ඉන්දියා හි සභාපති ජවාහර් වඩිවේලූ යන මහත්වරුන් පසෙකින් සිටිති.

නව අදහස දක්වන්න