ඉවතලන ප්ලාස්ටික්-පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණයට | දිනමිණ

ඉවතලන ප්ලාස්ටික්-පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණයට

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වෙමින් පවතින මුල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසය දිනූ කැන්රිච් ෆිනෑන්ස් ආයතනය සිය සමාජ වගකීම හඳුනා ගනිමින්, මහනුවර ඇසළ පෙරහර මුල් කර ගනිමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය.

මහනුවර දළදා වහන්සේ මුල් කර ගනිමින් වාර්ෂිකව මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ඇසළ පෙරහර සුවහසක් ජනයාගේ නෙත් සිත් පහන් කරවන සංස්කෘතිකාංගයක් වන අතර මෙම සමයේදී මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉවතලන පොලිතීන්, ප්ලාස්ටික් එක් රැස් කර ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ දැවැන්ත වැඩපිළිවෙළක් ලෙස තුන්වන වරටත් ක්‍රියාත්මක කරනු ලැබූ කැන්රිච් ෆිනෑන්ස් ආයතනික සමාජ වගකීම් අංශයේ ‘උරුමය සුරකිමු‘ නම් ව්‍යාපෘතිය ඔස්සේ සංවිධානය කළ මෙම කටයුත්ත කැන්රිච් ෆිනෑන්ස් මහනුවර ශාඛාව ප්‍රමුඛ සියලුම ශාඛාවන්හි කාර්යමණ්ඩලවල නොමසුරු දායකත්වයෙන් සාර්ථක ලෙස නිම කරන ලදී.

ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් නිසි ලෙස බැහැර කිරීමට සහ භාවිතය අවම කිරිමට ජනතාව හුරු කරවීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වූ අතර ඒ සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් නිසි ලෙස භාවිත කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ අවම ලෙස භාවිතා කිරීම පිළිබඳ මෙහිදී ජනතාව දැනුවත් කරන ලද අතර පෙරහැර සමයට පෙර සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේද මෙම දැනුවත් කිරීම් සිදු කරන ලදී. ඉවතලන ප්ලාස්ටික්, පොලිතීන් කැන්රිච් සමාගමේ කාර්ය මණ්ඩලය වෙත ලබා දුන් අය අතරින් දිනපතා සිදු කළ දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද කැන්රිච් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.


නව අදහස දක්වන්න

Or log in with...