අමෙරිකාවේ පුරවැසියකුට ඡන්දය ඉල්ලන්න බෑ | දිනමිණ

අමෙරිකාවේ පුරවැසියකුට ඡන්දය ඉල්ලන්න බෑ

මීගහතැන්න සමූහ

අමෙරිකාවේ පුරවැසියකුට මේ රටේ ඡන්දයක් ඉල්ලන්න බෑ. මේ මොහොතේදීත් අමෙරිකාවේ පුරවැසිකමේ ඉන්න අය කො‍ෙහාමද, මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ? මා කවදාවත් පවුල්වාදයටත් කැමැති නෑ  යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මතුගමදී පෙරේදා (23) පැවැසීය.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා පක්ෂ ක්‍රියාකාරික හමුවක් සඳහා සහභාගි වූ කුමාර වෙල්ගම මහතාගෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාර වෙල්ගම මහතා මෙසේද කීවේය.

මම පවුල්වාදයට කැමැති නැහැ. රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට එනවා නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා විය යුතුයි. මම කැමති එතුමාටයි. මොකද රටේ මහජනතාව ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාවයි. ගමේ මිනිස්සු පිළිගන්නේ, ආදරය කරන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. අමෙරිකාවේ පුරවැසියකුට මේ රටේ ඡන්දයක් ඉල්ලන්න බැහැ. ඒ නිසා ඒ ගැන කතාකරලා වැඩක් නැහැ.

ජනාධිපතිතුමාවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවයි ඝාතනය කරන කුමන්ත්‍රණය ඒකාබද්ධ විපක්ෂයේ වැඩක් කියලා සමහරු කිව්වත් එහෙම දෙයක් කරන්න කෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ නැහැ. ඉන්නවා නම් මම දන්නෙ නැද්ද? හැබැයි අපේ ආණ්ඩුව කාලෙ නම් හිටියා. දැන් ඔක්කොගෙම හුලං බැහැලා. ඔය වගේ මිනී මරන ඒවා කරන්නෙ නැහැ.


නව අදහස දක්වන්න

Or log in with...