පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට ඇප | දිනමිණ

පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට ඇප

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහු ගොනු කළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කරුණු සලකා බැලුණු අවස්ථාවේදීයි.

අනතුරුව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඔහුට විදෙස් ගමන් ද තහනම් කරනු ලැබීය.

පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මාස 06ක් බන්ධනාගාරයේ සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...