හමුදාවේ සහායට මහජන බැංකුව මැදිහත් වේ | දිනමිණ

හමුදාවේ සහායට මහජන බැංකුව මැදිහත් වේ

ශි‍්‍ර ලංකීය බැංකු කරණයේ විශිෂ්ඨයා වන මහජන බැංකුව මගින් සියලූ පහසුකම්වලින් සමන්විත නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් යාපනය පලාලි ප‍්‍රදේශයේදි විවෘත කරන ලදි.

ඒ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුවයි.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දුගේ අධීක්‍ෂණයෙන් යුතුව යාපනය බළප‍්‍රදේශය තුල රාජකාරි නියුතු යුධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින්ගේ මුදල් අවශ්‍යතාව සිදුකර ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනු ඇති.

මෙම උත්සවය සඳහා යාපනය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, ශි‍්‍ර ලංකා මහජන බැංකු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, මහජන බැංකු සාමාජික සහ සාමාජිකාවන්, රාජ්‍ය නිලධාරින්, යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.


නව අදහස දක්වන්න