වාස් ගුණවර්ධනගේ අභියාචනය විභාගයට දින දෙයි | දිනමිණ

වාස් ගුණවර්ධනගේ අභියාචනය විභාගයට දින දෙයි

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි චෝදනා ලබා මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා 2019 ජනවාරි මස 29 වනදා සිට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
 
එම අභියාචනා පෙත්සම් අද(25) අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ මෙසේ දින නියම කෙරුණී.
 
වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බවයි.
 
විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න

Or log in with...