පහන් තරුව සමාජ සේවාවක් - භාග්‍යා දේවාංගනී | දිනමිණ

පහන් තරුව සමාජ සේවාවක් - භාග්‍යා දේවාංගනී

වන වදුලුවල පිපී, සුවඳ දී, කාටත් රහසේ පරව යෑමට නියමිත සුවඳ කුසුම්, ලෝකයක් ඉදිරියට ගෙනැවිත් ඒ සුවඳ දසත විහිඳුවාලන “පහන් තරුව”නම් රූපවාහිනී වැඩසටහන සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8.00ට රූපවාහිනී නාලිකාවේදිගහැරේ. එම වැඩසටහන නිවේදනයෙන් හැඩගන්වන සුපිපි භාග්‍යා දේවාංගනී සමඟින් කෙරුණු කතාබහකි මේ.

“පහන් තරුව” සමඟින් ගෙවෙන කාලය සොඳුරුද?

ඇත්තෙන්ම ඔව්. බොහෝ දක්ෂතා තියෙන නමුත් කවදාවත් මාධ්‍ය ඉදිරියට ඇවිත් නැති තරුණතරුණියන්ව එළියට අරගෙන, ඒ අයගේ දක්ෂකම් ගැන රටට කියන්නමේ වැඩසටහන හරහා ඉඩකඩ විවර වෙලා තියෙනවා.මේ වැඩසටහනෙදි මම ජනප්‍රිය වුණු, හැමදාම ටීවි එකේ දකින්න ඉන්න අයව රූපවාහිනිය ඉදිරියට ගේන්නෙ නෑ. හැංගිලා ඉන්න, ගොඩක් දක්ෂකම් තියෙන, කවදාවත් රූපවාහිනියෙන් පෙනිලා නැති දුප්පත් තරුණ තරුණියන්ට තමයි හැමදාම අවස්ථාව දෙන්නෙ. මේ වෙනකොට මම වැඩසටහන් 80කට කිට්ටු වෙන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩසටහන්වලට ඇවිල්ලා තියෙන ඕනම කෙනකුගෙන් ඇහුවොත් එයාලා කියන්නෙ එයාලා සහභාගි වුණු පළවෙනි රූපවාහිනී වැඩසටහන“පහන්තරුව” කියලා. ඉතිං ඒ ගැන සතුටුයි. ඒ ඇරුණම ගුවන්විදුලි වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් මම වැඩකරගෙන යනවා. නමුත් “පහන් තරුව”ට තමයි මුල්තැන දීලා තියෙන්නෙ.

ඔබ ගැන යමක් කිව්වොත්?

මම ඉන්නෙ කන්තලේ. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි මල්ලියි.ඉගෙනගත්තෙ කන්තලේශ්‍රී අග්‍රබෝධි ජාතික පාසලෙන්. වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. කලා අංශයෙන් ඉදිරියට එන්න හිතුවෙ නෑ. ඒත් පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙදි නම් කලාවට වගේම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් කළා. ඉස්කෝලෙ මීඩියා යුනිට් එකේ හිටියා. ඩිබෙට් ටීම් එකේ හිටියා. කථික තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත්තා.උසස් පෙළ ප්‍රතිඵල ලැබෙනකොටම වගේ තමයි මට රංගිරි මාධ්‍ය ජාලයේ රැකියාවක් ලැබුණෙ.දැන් ඉතිං වාණිජ අංශයෙන් වැඩි දුර අධ්‍යාපනය ලබන ගමන් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් කරගෙන යනවා.

“පහන් තරුව” වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔබට අවස්ථාව ලැබුණු විදිහ ගැන කිව්වොත්?

පහන් තරුව පටන් ගත්තෙ 2017 වසරේ මැයි මාසෙ වගේ. අපේරූපවාහිනියේ කළමනාකාරතුමාසාලිය ගුණසේකර සහ ජනිත් මධුසංඛද සිල්වා කියන අපේ සදහම් හා ප්‍රවර්ධන කළමනාකාරතුමායටතේ තමයි මට මේ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නෙ. මං බොහොම කැමැත්තෙන් මේ වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ වෙනකම්ම මං ලබාගත්තු හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ මගේ ආදරණීය අම්මා. මං ගැන අද වෙනකොට මටත් වඩා සතුටු වෙන්නෙ මගේ අම්මා. මගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ඒ ආශිර්වාදය හොඳටම ඇති.

ඔබ මේ කටයුතු පිළිබඳ යම්කිසි හැදෑරීමක් කරලා තියෙනවාද?

වැඩසටහන් ඉදිරිපත් කිරීම පටන් ගන්න කලින්ම රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයෙජනමාධ්‍ය විද්‍යාලයෙන් මමමාස හයක ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළා. ITN නාලිකාවේ වැඩ කරන පියදාස රත්නසිංහ සර් යටතේ තමයි ඉගෙනගත්තෙ මාස හයක්. ඒ ඉගෙන ගත්ත දේවල් දැන් මම කරගෙන යන වැඩ කටයුතුවලදී මට බොහොම ප්‍රයෝජනවත් වෙනවා.

ක්ෂේත්‍රය තුළ ඔබට ඉලක්කයක් ඇති?

මේ ෆීල්ඩ් එක ඇතුළෙ මට ඉලක්කයක් නෑමම කවදාවත් දක්ෂතම නිවේදිකාවක් වෙනවා කියලා. එහෙම සම්මානයක් ගන්නවට වැඩිය මට වුවමනාවක්, ආසාවක් තියෙන්නෙ මගේ වැඩසටහන තුළින් හැංගිලා ඉන්න දක්ෂ අයව ඉස්සරහට ගේන්නයි. ඒක මට ලොකු ආත්මතෘප්තියක්. දවසක් ආවා ගෑනු ළමයෙක් ගුවන් විදුලි වැඩසටහනකට. මමයි ඇයව ඒ වැඩසටහනට සම්බන්ධ කළේ. සජීවී ගුවන් විදුලි වැඩසටහනේ පැය දෙකක් යනකල් ඇය කතා කළේ නෑ, චකිතය නිසා. නමුත් මම ඇයත් එක්ක සුහද වෙලා කතා කළාම ඊළඟට සහභාගී වුණු රූපවාහිනී වැඩසටහනේ ඇය හරි ලස්සනට කතා කළා.නොකියපු දේවල් ගොඩක් කිව්වා. එහෙම වෙනකොට ඇත්තටම හරි සතුටක් දැනෙනවා. මේ දේවලට අමතරව මම රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ ගිණුම් ලිපිකාරිනියක විදිහට වැඩ කරනවා. මං ඉගෙනගන්න දේවල් එක්ක මට ඉදිරියට යන්න ආශාව තියෙන්නෙ වාණිජ අංශයෙන්.මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් කොයි වගේ වෙන්න ඕනෙද?

අපි කෙනෙක්ට ආරාධනා කරනවානේ මේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතිං අපි ඒ විදිහට කෙනෙක්ට වෙලාවක් වෙන්කරනවා නම් ඒ කෙනාගෙ තියෙන දක්ෂකම එළියට ගන්න ඕනෙ. ඒක කරන්නත් ඕනෙ කිසිම ආකාරයක සිත්තැවුලක් ඇති නොවෙන විදිහට, ඔහුට හෝ ඇයට හානියක් නොවෙන විදිහට කතා කරලයි. මගේ වැඩසටහන තරුණ අයත් එක්ක කරන වැඩසටහනක් වුණාටගොඩක් වැඩිහිටි අය බලනවා. ඉතිං මම තරුණ අයත් එක්ක කතා කරන විදිහට ම කතා කරන්න ගියොත් සමහර වෙලාවට වැඩිහිටි අයට අපි කතා කරන දේවල් නොතේරෙන්න පුළුවන්.හරි සරල විදිහට, සුහදව, පැහැදිලිව, හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් විදිහට, හරවත් දේවල් කතා කළොත් සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න