නාමල්ගෙන් හඬ සාම්පල ලබා ගැනීමට අවසර | දිනමිණ

නාමල්ගෙන් හඬ සාම්පල ලබා ගැනීමට අවසර

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර, රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර, කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව හෙට පෙරවරු 10.00ට ඔහු රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විනිසුරුවරිය නියෝග කළේ.

කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදී ඇත්තේ, අදාළ දුරකථන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීමට සාම්පල් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුවයි.


නව අදහස දක්වන්න

Or log in with...