භු විද්‍යා ඔලිම්පියාඩ් ප්‍රථමයා මාතලේ ප්‍රගාෂ් ගින්තුෂා | දිනමිණ

භු විද්‍යා ඔලිම්පියාඩ් ප්‍රථමයා මාතලේ ප්‍රගාෂ් ගින්තුෂා

මාතලේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ 13 වසරේ ප්‍රගාෂ් ගින්තුෂා සිසුවිය ලෝකයේ රටවල් 39 ක සහභාගිත්වයෙන් තායිලන්තයේ කාන්චනබූරි විශ්වවිද්‍යාලයේ දි පවත්වන ලද ජාත්‍යන්තර භු විද්‍යා ඔලිම්පියාඩ් වාර් ෂික තරගාවලියේ දී භුවිද්‍යා අනුක්‍රමික ව්‍යාපෘති කතිකාව ඉදිරිපත් කිරිමේ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට ඇය සමත්වුවාය.

තරගාවලියට ආ සෙසු රටවල් වනුයේ රුසියාව, ජර්මනිය, ජපානය, ඉතාලිය, චීනය බ්‍රසිලය , ඔස්ට්‍රෙලියාව, ඉංදියාවයි. මේ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගින්තුෂාට අමතරව කොළඹ නාලන්ද විද්‍යාලයේ සුජිත් කලන්සුරිය ආරච්චි, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සචුල සේනනායක සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආලෝකා සේනාධිර යන සිසූහූ ද සහභාගි වුහ.

සටහන හා ජයාරුපය - උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

 

නව අදහස දක්වන්න