පමුණුගම මුහුදු තීරයේ කැළි කසළ පිරිලා | දිනමිණ

පමුණුගම මුහුදු තීරයේ කැළි කසළ පිරිලා

පමුණුගම මුහුදු තීරය මුහුදෙන් ගොඩගසන ලද අපද්‍රව්‍යවලින් පිරී පවතී. කෙතරම් මුහුදු වෙරළ පවිත්‍ර කළත් ගංගාවලින් ගලා එන කැළිකසළ, ප්ලාස්ටික් බෝතල්, සෙරෙප්පු, කුණුරොඩු යනාදිය අඩුවක් නැතුව පවතී.

තම කැළිකසළ ලෙහෙසියටත් පහසුවටත් ගංගා ඇළදොළවලට දැමීමට ජනතාව පුරුදුවී ඇත. මේ නිසා වෙරළ තීරුව අපිරිසුදුවන අතර මැසි මදුරු උවදුර වැඩි වේ. ලස්සන වෙරළ තීරය තුළ ප්‍රදේශයේ සංචාරක හෝටල් කීපයක්ද පිහිටා ඇත. මේ හේතුවෙන් වෙරළේ සුවපහසුව විඳීමට නොහැකිවී ඇත. මේ පිළිබඳව අදාළ බලධාරින් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත.

පමුණුගම සමූහ - ඩී. එන්. බී. කිරිහෙට්ටි

ඡායාරූපය - පමුණුගම සමූහ

නව අදහස දක්වන්න