ඇල්පිටියේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8ක් ජනතා අයිතියට | දිනමිණ

ඇල්පිටියේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8ක් ජනතා අයිතියට

“යූූත් විත් ටැලන්ට්” ගමට කෝටියක් වැඩසටහන යටතේ ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය සතියේ ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සම්මේලනය සහ ස්වාධීන රුපවාහිනී සේවය එක්ව මෙය සංවිධානය කෙරිණි.

ඒ අනුව එහි පළමු වැඩසටහන ලෙස නවදගල ග්‍රාමසේවා වසමේ “නවමිණි” යෞවන සමාජය මඟින් වැඩ නිම කර බෙන්තර වාඩියවේල්ල මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කර ජනතා අයිතියට පත් කෙරුණු අතර , පහත ව්‍යාපෘතිත් අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත්කෙරුණි.

කැටන්දොළ “වාසනා” යෞවන සමාජයේ මූලිකත්වයෙන් - කැටන්දොළ කණිටු විදුහලට පැමිණෙන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම,

තල්ගස්පේ බටහිර “සඳහිරු” යෞවන සමාජයේ මූලිකත්වයෙන් තල්ගස්පේ විදුහල විදුහල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම හා ගල් වට බැඳීම,

කුඩාගල “ක්වික්ටීම්” යෞවන සමාජයේ මූලිකත්වයෙන් කුඩාගල කන්ද හරස් පාරේ කොටසක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම,

වතුරවිල “ශ්‍රී ඥාණානන්ද” යෞවන සමාජයේ මූලිකත්වයෙන් වතුරවිල කණිටු විදුහලේ පානීය ජල සැකසුම් පද්ධතිය ඉදි කිරීම

අම්බන - උතුර “සංකලන” යෞවන සමාජයේ මූලිකත්වයෙන් අම්බන උතුර වොලිබෝල් සහ ක්‍රිකට්‌ ක්‍රීඩාංගනයක් ඉදි කිරීම

පුජගල්ලෙන “ලයන්ස්ටාර්” යෞවන සමාජයේ මූලිකත්වයෙන් විසින් පූජගල්ලෙන වොලිබෝල් ක්‍රීඩා පිටියක් සැකසීම

කැටන්දොළ “වාසනා” යෞවන සමාජයේ මූලිකත්වයෙන් කැටන්දොළ අක්කර 50 යායේ උඩ අතුරු මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් ඇතිරීම සහ නවීකරණය කිරීම එම වැඩසටහන් වේ.

මෙම වැඩසටහන ගම්වාසීන්ගේ උදව් ඇතිව මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව කරගෙන යෑමට අපට ශක්තිය - ධෛර්ය ලැබුණ බවත් මේ ගමේ අවශ්‍යතාවය අනුව තමයි මේ ව්‍යාපෘතිය තෝරා ගත්තේ, යෞවන සමාජය හරහා තුරුණයෝ මැදිහත් වෙන්න ඕනෑ. ඒ හරහා තමා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඉතින් ඇත්තටම වටිනා කියන වැඩසටහනක් බවත් අදහස් දැක්වූ එම යෞවන සමාජය සාමජිකයෝ පැවැසූහ.

නව අදහස දක්වන්න