ජගත් මහ ලේකම්ගෙන් අභියෝග හතක් | දිනමිණ

ජගත් මහ ලේකම්ගෙන් අභියෝග හතක්

ප‍්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප‍්‍රකාශ කළේය.
 
ඔහු මේ බව කියා සිටියේ 73 වන මහ සමුළුව අමතමින් ය. 
 
සිරියාවේ සහ යේමන් අර්බුදය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත‍්‍රස්තවාදය ද ඊට අයත්ය. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තරය අපහසුතා රැසකට ලක්ව සිටි. ඒවා සමථයකට පත්කිරිමට සියලු ප‍්‍රජාව අවධානය යොමුකළ යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කළේය.
 
යුද අවි තරඟය ද ගැටළුවක් වී තිබේ. වෙළඳ ගැටළුවලින් ලෝක ප‍්‍රජාව නිදහස් කර ගැනීම මුලික අවශ්‍යතාවකි. ඉදිරි කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු බවත් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පැවසීය.

නව අදහස දක්වන්න