සිකිම් ගුවන් තොටුපොළ මෝදි අතින් විවෘත වෙයි | දිනමිණ

සිකිම් ගුවන් තොටුපොළ මෝදි අතින් විවෘත වෙයි

ලොව සුන්දරම ගුවන් තොටුපොළ අතරට එක් වන සිකිම් ගුවන් තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. ලොව උසම කන්ද ලෙස සැළකෙන කාන්චෙන්ජුංගා පිහිටා ඇති කඳුකර ප්‍රදේශවලින් සමන්විත සිකිම්හි ඉදි කෙරුණු මේ ගුවන් තොටුපොළ "ඉංජිනේරු ශිල්පයේ විස්මයක්" ලෙස හැඳින්වේ. සිකිම් යනු ටිබෙට්, භූතානය සහ නේපාලය යන රටවල දේශසීමා ආසන්නයේ පිහිටා ඇත.

චීන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි පක්යොං ගම්මානයට අයත් කඳු වැටියක් මත එය ඉදිකර තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 4500ක් ඉහළින් පිහිටි එය අක්කර 201ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. මෙහි එකවර ගුවන් මගීන් 100 දෙනෙකුට සේවා සැලසිය හැකි පරිදි ඉදි කර ඇති මෙහි ගුවන් ධාවන පථය කිලෝ මීටර 1.75ක් දිගය.

කන්දක් මත ඉදිකිරීමට සිදු වීමත්, අයහපත් කාලගුණයත් නිසා මේ 9 අවුරුදු ව්‍යාපෘතිය අතිශය අභියෝගාත්මක සහ විස්මිත එකක් වූ බව ගුවන් ධාවන පථය ඉදිකළ ඉන්දීය සමාගමේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය හමුවේ පැවසීය.

නව අදහස දක්වන්න