ගාමිණි සෙනරත්ගේ නඩුව දිනපතා විභාග කෙරේ | දිනමිණ

ගාමිණි සෙනරත්ගේ නඩුව දිනපතා විභාග කෙරේ

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන මස 30 වනදා සිට දිනපතා විභාග කිරීමට අද තීරණය කලේය.

ඒ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

එහෙත්, විත්තිකාර පාර්ශවය වන ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් සඳහන් කළේ සාක්ෂි විභාගයට අවශ්‍ය ලේඛණ කිහිපයක් ලිට්රෝ ගෑස් සමාගමෙන් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

කරුණු සලකා බැලූ විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න, ඔවුන්ට අවශ්‍ය ලේඛන ගාස්තුවලට යටත්ව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ ආයතනවලට නියෝග කලේය.

ඒ අනුව, මෙම නඩුව ලබන මස 30 වනදා සිට දිනපතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී විභාග කෙරෙනු ඇති.


නව අදහස දක්වන්න