රෝද තුනට ලබන මස සිට මීටර අනිවාර්යයි | දිනමිණ

රෝද තුනට ලබන මස සිට මීටර අනිවාර්යයි

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ සඳහන් කළේ අදාළ නීතිය ලබන මස දෙවන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ත්‍රී රෝද රථ මිටර් සවි කිරීම සිදු නොකරන රියදුරන්ට එරෙහිව ලබන මස සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද සඳහන්.

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීමට අමතරව මගී ගමනාන්තයේදී රිසිට් පතක් නිකුත් කිරීම ද නව නීතිය අනුව ක්‍රියාත්මක වෙයි. 

අදහස් 1ක් ඇත

Anumatha meeter monawada

නව අදහස දක්වන්න