ගෝඨාභයගේ තහනම් නියෝගය දිගුවේ | දිනමිණ

ගෝඨාභයගේ තහනම් නියෝගය දිගුවේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහි නඩුවක් විභාග කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගයක් දෙසැම්බර් මස 05 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය සිදු කෙරුණි.

අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව ගොනු තිබුණි.


නව අදහස දක්වන්න

Or log in with...