වායුගෝලය කැළඹෙයි - තද වැසි | දිනමිණ

වායුගෝලය කැළඹෙයි - තද වැසි

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව "මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ද මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල ද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි" ඇති විය හැකි බව සදහන්.

මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර 109ක් කුරුණෑගලින් වාර්තා වී තිබේ.

මීට අමතරව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලට අධික වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

                                            මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                         2018 ඔක්තෝබර් මස 01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇත.

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ත් අතර තද වැසි ඇති විය හැක.

වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකවඉල්ලා සිටිනු ලැබේ.

                             ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                             2018 ඔක්තෝබර් මස 01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසි ද ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-20 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


නව අදහස දක්වන්න