අකුණු පිළිබද අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් | දිනමිණ

අකුණු පිළිබද අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වර්ෂාවත් සමඟ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
 
ඊයේ (01) රාත්‍රී කාලයේදී පුත්තලම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇත.
 
විවෘත ස්ථානවල රැදී සිටීමෙන් සහ විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් , අකුණු වලින් සිදුවල අනතුරු වළක්වා ගන්නා ලෙසත් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
 
මේ අතර දිවයිනට දකුණ, ගිනිකොණදිග සහ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එසේම එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද සදහන් වේ. 
 

නව අදහස දක්වන්න