මත්ද්‍රව්‍ය නිවාරණ සම්මන්ත්‍රණය | දිනමිණ

මත්ද්‍රව්‍ය නිවාරණ සම්මන්ත්‍රණය

මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් පාසල් සිසුන් මත් උවදුරට ගොදුරුවීම වැලැක්වීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සෞඛ්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රණයක් මාදම්පේ සමුපකාර රංග ශාලාවේදී පවත්වන ලදී. මාදම්පේ පොලීසිය සහ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි විසින් පාසල් සිසුන් දැනුවත් කල අයුරු. මෙම වැඩමුළුවට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නිහාල් ද සිල්වා මාදම්පේ විවිධ සේවා සමොපකාර සමිතියේ සභාපති කිංස්ලි පෝල් සහ මාදම්පේ පොලිසියේ පොලිස් සැරයන් වසන්ත කුමාර යන මහත්වරුද සහභාගී වුණා.

සටහන හා ඡායාරූපය- බංගදෙනිය සමූහ

 

නව අදහස දක්වන්න