ඉන්දුනීසියාවේ මරණ 1350 දක්වා ඉහළට | දිනමිණ

ඉන්දුනීසියාවේ මරණ 1350 දක්වා ඉහළට

පූර්ව සුනාමි අනතුරු ඇගවීමේ සංඥා පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් ඉන්දුනීසියාවට බලපෑ සුනාමි ව්‍යාසනයේ බලපෑම අවම කර ගැනීමට තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
 
ඉන්දුනීසියාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1350දක්වා ඉහළ ගොස් තිබේ. 
 
ඒ වන විට ඉන්දුනීසියාවේ පූර්ව සුනාමි අනතුරු ඇගවීමේ සංඥා පද්ධති පරික්ෂණ මට්ටමේ තිබූ බව වාර්තා වේ. අධි තාක්ෂණික සංවේදක පද්ධතියක් ලෙස මෙය ස්ථාපිත කෙරුණේ 2004 වර්ෂයේ සුමාත්‍රා දිවයිනට බලපෑ සුනාමි ව්‍යසනයෙන් පසුවය. එම පද්ධතිය සම්පූර්ණ කිරීම සදහා මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එහි කටයුතු අතරමග ඇනහිට තිබූ බව වාර්තා වේ.
 
 
පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියේ දුර්වල බව සහ ජනතාව තුල පැවති නොදැනුවත් බව මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූ බව එරට වාර්තා පෙන්වා දෙයි.
 
සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. 
 
දේවස්ථානයක සුන්බුන් අතර සිරවී සිටි දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇත.  එහි තවත් දරුවන් 86 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය. 
 
ඉන්දුනීසියාවට බලපෑ භු කම්පනයෙන් සහ සුනාමියෙන් ලක්ෂ දෙකක ජනතාවක් අවතැන්ව සිටි.
 

නව අදහස දක්වන්න