සිංගප්පූරු වෙළඳ ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි ද ? | දිනමිණ

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි ද ?

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 09  වැනිදා දක්වා කල් තැබීමට අද නියම කළේය.

එම පෙත්සම් අද සිසිර ද ආබෲ, නලින් පෙරේරා සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කෙරිණ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් විදේශගතව සිටින බැවින් සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ඉල්ලීම් කළේය.

ඒ අනුව පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 09 වනදා සිදු කිරීමට අධිකරණය තීන්දු කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර තින නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

 

නව අදහස දක්වන්න