බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇක­ඩ­මි­යට මාස්කෝ විශි­ෂ්ටතා සම්මා­නය | දිනමිණ

බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇක­ඩ­මි­යට මාස්කෝ විශි­ෂ්ටතා සම්මා­නය

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමියේ සභාපති මෙන්ම විධායක අධ්‍යක්ෂ ආචාර්ය එච්. ඒ. එස්. ගීතදේව මහතා මාස්කෝ 2018 අති විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ රමාඩා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘ භූමියේත් පොදු සමාජයේත් යහපත පිණිස කැපවීම් කළ පුද්ගලයන් හා ආයතන ඇගැයීමට වාර්ෂිකව මේ සම්මාන උළෙල සංවිධාන කරයි. 2004දී සිසුන් හත් දෙනකුගෙන් ඇරැඹූ බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය වර්තමානයේදී වසරකට සිසුන් 25,000කට පමණ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙයි.

ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස ඉගෙන ගෙන තම වෘත්තීය සහ සමාජ ඉලක්ක සපුරා ගැනීමේ අභිලාෂයෙන් පැමිණෙන සුවහසක් දරු දැරියන් ඔවුන්ගේ මූලික පරමාර්ථ කරා මෙහෙයවමින්, ඔවුන්ගේ විශ්වාසය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය දියුණු කරමින්, දේශීය හා විදේශීය පුහුණුව ලැබූ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමියේ මුලික පරමාර්ථය වේ. ශ්‍රී ලංකාව පුරා නගර 16ක ව්‍යාප්ත වූ ශාඛා ජාලයකින් සමන්විත බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය විදෙස් විශ්වවිද්‍යාල රැසක් සමඟද සබඳතා පවත්වයි. බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවම සිසුන් සඳහා මාස 7ක නේවාසික අධ්‍යාපනික කඳවුරක්ද පවත්වයි. තේම්ස් කොලේජ් සහ බ්‍රිටිෂ් කැම්පස් යන අධ්‍යාපන ආයතන ද්විත්වයද බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමියට අනුබද්ධ ආයතන වේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය නොහැක්කක් නොමැත යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් කටයුතු කරයි. මෙරට ඉංග්‍රීසි අධ්‍යපනයට දක්වන ඉහළ දායතක්වය වෙනුවෙන් බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

නව අදහස දක්වන්න