ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 06ක් ගිලී මරුට | දිනමිණ

ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 06ක් ගිලී මරුට

මලයාසියාවේ සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පතලක ගිලුණු  ළමයෙකු සොයා කළ මෙහෙයුමකදී ජීවිතාරක්ෂක කිමිදුම් භටයන් 06දෙනකු දිගේ ගිලී මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

පසුගිය බදාදා මිතුරන් පිරිසක් සමඟ  පතලෙහි මසුන් ඇල්ලීමේ යෙදුනු 17හැවිරිදි පිරිමි ළමයෙකු දියේ ගිලී ඇති ඇත.

අනතුරුව ඔහු සොයාගිය භටයන් දරුණු දියසුළියකට හසුවීමෙන් මිගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

කෙසේ වුවද දියේ ගිලුණු දරුවා මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.

සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී පවසන්නේ කිමිදුම්කරුවන් සියලු ආරක්ෂිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මුදවාගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව ඇති බවයි.

ඔවුන් සම්පූර්ණ කිමිදුම් උපකරණ පැළඳ සිට ඇති අතර හය දෙනාම තනි රැහැණක් බැඳගෙන දියට බැස ඇත.

"ඔවුන් දියට බැස සෝදිසි කරන අතර තුර දරුණු දියසුළියක් නිර්මාණය වී ගොඩබිම සිටි කණ්ඩායම පවසන්නේ මෙම කිමිදුම්කරුවන් එහිදී ගොඩට ඒමට මහත් පරිශ්‍රමයක් දැරූ බවයි." ගිනි නිවන හමුදා ප්‍රධානී පවසයි. 

කෙසේ වුවද විනාඩි 30ක පමණ කාලයකදී මොවුන් හයදෙනා ගොඩටගෙන ඇති නමුත් ඔවුන්ගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කරයි.

ජීවිතාරක්ෂක භටයන් හයදෙනකු එකවර මියගිය ප්‍රථම අවස්ථාව මෙය බවත් එය සියලුදෙනාට ඉතා කණගාටුදායක සිද්ධියක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

නව අදහස දක්වන්න