නිව්යෝර්ක් නුවර රිය අනතුරක් - 20ක් මරුට | දිනමිණ

නිව්යෝර්ක් නුවර රිය අනතුරක් - 20ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
 
මෙය  මෑත කාලයේ අමෙරිකාවේ සිදු වූ විශාලතම රිය අනතුරක් ලෙස සැළකේ.
 
අනතුරට පත් වූ ලිමෝසින් මෝටර් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර තිබේ. එම 18 දෙනා ඇතුළු අසළ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත.
 
උපන්දින සාදයකට යන අතරතුරදී  මෙම මෝටර් රථය අසල තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මෙම අනතුරට හේතුව මෙතෙක් හෙලිව නොමැත.

නව අදහස දක්වන්න