ආරුගම්බේ රාත්‍රියක් | ARUGAMBAY night camping | දිනමිණ

ආරුගම්බේ රාත්‍රියක් | ARUGAMBAY night camping

නලින් දිල්රුක්ෂ
කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.
දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකි විය.
 
ලොව සර්ෆිං ක්‍රීඩාවට පරසිදු මුහුදු අතර අපේ රටේ  ආරුගම්බේ එක්ව තිබීම අපේ රටට සංචාරක ආකර්ශනය ළගාකරගන්නට කදිම උත්තේජනයක් වී ඇත.
මේ සුන්දර වෙරළ තීරයේ කුඩාරම් අද්දැකීමක් ලබන්නට පසු ගිය දා අපට අවස්ථාව උදාවිණි.
හිරු අවරට ඇදෙන කාලයේ අපි කුඩාරම් ඉදිකෙරුවෙමු. අහර හා  පාන සකසා ගතිමු. අදුරු රැයේ මුහුදු සුළං ගේ පහස විඳිමින් අපි අහස්තලයේ කිරි සයුර නැරඹුවෙමු. 
පසුදින අලුයම නැගෙන හිර අහසේ ක්ෂිතිජයෙන් හිරු කිරණ පොලෝ තලය සිපගන්නා ඒ සොඳුරුම දසුනින් අමන්දානන්දයට පත් වුණෙමු.
ජූනි මාසයේ සිට නොවැම්බර් මුල දක්වා පමණ කාලය මෙහි සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන වකවානුවයි. සර්ෆින් ක්‍රීඩාවට වඩාත්ම සුදුසු රළ නැගුමක් ඇති වන්නේ මේ කාලයේ දී යි.
සංචාරයට කදිම ඉසව්වක් වූ මේ ආරුගම්බේ කළපුව හා ශාස්ත්‍රවේලි සර්ෆින් පුහුණු වෙරළ පිළිබඳ අප කළ වීඩියෝ දෙකක්  ඔබට දැන් නැරඹිය හැකියි.
 

නව අදහස දක්වන්න