නිකී හේලි ධූරයෙන් ඉල්ලා අස්වෙයි | දිනමිණ

නිකී හේලි ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නිකී හේලි ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇය පවසා ඇත්තේ," විශිෂ්ට රැකියාවක් කිරීමෙන් පසු තනතුරෙන් ඉවත්ව යන බවයි".

මේ අනුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ කණ්ඩායමෙන් ඉවත්වූ නවතම සාමාජිකයා වන්නේ නිකී හේලිය. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, තමන් තම මිතුරිය වන තානාපතිනි නිකී හේලි විශේෂ නිවේදනයක් කරන බවය.

මේ අතර, නිකී හේලිගේ ට්විටර් ගිණුමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇය දැරූ ධුරයට අදාළ සියලු යොමු කිරීම් ඉවත්කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

2017 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස නිකී හේලි පත් කෙරිණ.


නව අදහස දක්වන්න

Or log in with...