අඹන්පොළ නිදන් හෑරු 16ක් කොටු | දිනමිණ

අඹන්පොළ නිදන් හෑරු 16ක් කොටු

අඹන්පොල, ඉබ්බන්වල ප්‍රදේශයේ වෙල්යායක නිධානයක් ලබා ගැනීමේ කෑනීම් කරමින් සිටියදී අඹන්පොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයින් 16 දෙනා තව දුරටත් මෙම මස 16 වන දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර දෙනෙකු අඹන්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹන්පොළ, රන්දෙණිගම, මහව, වත්තල, මාතර හා මඩපොකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි. ඔවුන් අතර නිධානයෙන් ගොඩ ගන්නා නිධන් වස්තූ මිලදී ගැනීමට පැමිණි කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් හා දමිළ ව්‍යාපාරිකයින් දෙදෙනෙක්ද, මාතර ප්‍රදේශයේ පදිංචි කට්ටඩියෙකු ද වූහ. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී උදැල්ලක්, අලවංගු 2ක්, ගල්කටු 2, සේවා නූල්, හා පූජා භාණ්ඩ කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවාද පොලීසිය භාරයට ගැනීමෙන් අනතුරුව නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් පැමිණි මෝටර් රථ දෙකක් හා ත්‍රිවිල් රථයක් ද පොලිසිය විසින් සිය අධිකරණ භාරයට දී තිබේ. මෙම ස්ථානයේ මින් පෙරද අවස්ථා තුනකදී නිධානයක් ඇති බවට සැක කර එය ගොඩ ගැනීමට විවිධ පිරිස් විසින් උත්සහ කර ඇති බවත්, ඒ සදහා යොදා ගත් බැකෝ යන්ත්‍රයක් ද මෙම ස්ථානයේ පෙරලී ඇති බවත්, මෙම ස්ථානයේ රත්ත්‍රං සෙම්බුවක්, රත්ත්‍රං නගුලක් ආදී වස්තූන් ඇති බවත්, අදාල ස්ථානයට ගිය විට එහි සිටි පිරිස් සදහන් කළහ. එසේම අදාල ස්ථානය වටා රතු පැහැති නූල් ඇද කහ දියර ඉස ආරක්ෂා කර තිබූ අයුරුද දැකිය හැකි විය.නිකවැරටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සංජීව බන්ඩාර මහතාගේ හා ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අජිත් වංශනාථ යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹන්පොල පොලිස්ථානයේ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මකුමාර මහතා, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති , උප පොලිස් පරීක්ෂකවරුන් හා අබේසිංහ යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න